hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2024 ජූලි 30, පෙ.ව. 12:02



දේශීය බිත්තරයක මිල තව මසකින් පමණ රුපියල් 38 ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබා දීමට අවස්ථාව උදාවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් පවසනවා.

පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා බිත්තර නිෂ්පාදනය සිදුවන බැවින් දෙසැම්බර් වනවිට බිත්තර අතිරික්තයක් ඇති වන බව ඔහු සඳහන් කළා.

මේ වනවිට මාසිකව බිත්තර ලක්ෂ 6 බැගින් නිෂ්පාදනය කරන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු ඔහු පැහැදිලි කරයි.

බිත්තර ආනයනයට යන වියදම දේශීය බිත්තර කර්මන්තය නගා සිටුවීමට යොදවන්නේ නම් දේශීය ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: