hit counter

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 10, ප.ව. 3:40



ඊයේ දිනයේ දී රුපියල් 3,000කට වඩා අධික මුදලකින් මිල පහත වැටී තිබූ රන් වෙළෙඳපොලේ මිල, අද වනවිට රුපියල් 2,000කට අධික මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (10) දිනයේ දී රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 644,329ක් ලෙසටයි.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 22,730ක් ලෙසයි අද දිනයේ දී සටහන් වුණේ.

එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල සහ කැරට් 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 20,840ක් ලෙස සහ රුපියල් 19,890ක් ලෙස සටහන් වුණා.

කැරට් 24 පවුමක මිල රුපියල් 181,850ක්.

රුපියල් 166,700ක් ලෙස කැරට් 22 පවුමක මිල සටහන් වෙද්දී කැරට් 21 පවුමක මිල අද දිනයේ සටහන් වුණේ රුපියල් 159,150ක් ලෙසටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: