hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 21, පෙ.ව. 12:08



වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ, IMF සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගත් කොන්දේසිවලින් සියයට 35ක් පමණක් සම්පූර්ණ කර ඇති බව IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීම සඳහා එම ආයතනය විසින් හඳුන්වාදුන් වැඩපිළිවෙළට අනුව මේ බව අනාවරණය වී තිබෙනවා.

වෙරිටේ රිසර්ච් පෙන්වාදෙන්නේ, මේ වසරේ ජූලි මාසය වන විට එම වැඩසටහනේ සියයට 57ක කොන්දේසි ඉටු කළ යුතුව තිබුණ ද ඉටුකර ඇත්තේ සියයට 35ක් පමණක් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉදිරියට යමින් පවතින්නේ මූල්‍ය අරමුදලට එකඟවූ කාලසීමාවන් අනුව නොවන බව එම ආයතන සඳහන් කරයි.

වෙරිටේ රිසර්ච් ආයතනය සිය වාර්තාව මඟින් පෙන්වාදෙන්නේ, සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන පළමු සමාලෝචනයට පෙර සියයට 71ක කොන්දේසි ශ්‍රී ලංකා රජය විසින් ඉටු කළ යුතු වන බැවින් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී මසකට කොන්දේසි 18 බැගින් ඉටු කිරීමට රජයට සිදුව ඇති බවයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කොන්දේසිවලින් සියයට 80ක් පමණ මේ වන විටත් ඉටු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

“අපිට තිබුණ අභියෝගාත්මක එකඟතාවයන් අපි බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණ කරගෙන තියෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ඉතාම හොඳින් මේ දිහා බලාගෙන ඉන්නවා. ඔවුන් අධ්‍යයනය කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ තියෙන අභියෝගාත්මක එකඟතාවයන් අපි ඉෂ්ට කරගත්ත ප්‍රමාණය 80%ට එහා. අපිට පොඩි කාලයක් තියෙනවා. ඒ කාලෙට අනිත් ටිකත් අපි විශ්වාස කරනවා පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා දෙවැනි වාරිකය ලබාගන්න කිසිදු ගැටලුවක් ඇති වෙන්න ඉඩක් නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: