hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 15, ප.ව. 4:12



පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රැක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය යටතේ ආනයනය තහනම් කාලසීමාවේ ආනයනය කොට රේගුවේ රඳවාගෙන ඇති රථ නිදහස් කර ගැනීම සඳහා ද අවසර හිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස රඳවාගෙන ඇති රේගු ප්‍රකාශන ලබා දී නොමැති රථ, ආනයන අපනයන පාලක ජනරාල් වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව තොටුපොළ තෙක් වටිනාකම (CIF Value) මත අය කෙරෙන 30%ක බද්දක් ගෙවා මුදා ගත හැකි බවයි.

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි සහ ට්‍රක් රථ ආයනය සඳහා ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට අවසර හිමිව තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කැලිකසල ඉවත් කිරීම සඳහා යොදා ගන්නා ලොරි, ගිනි නිවන රථ වැනි විශේෂ කාර්ය සඳහා භාවිත වන රථ සඳහා ද මේ යටතේ අවසර හිමි වන බවයි.

බස් රථ ආනයනය සඳහා අවසර ලබා දීම, මගී ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හේතුවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: