hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:03



ඉතාලියේ සහ මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගැනීම සම්බන්ධයෙන් දෙරටේ අධ්‍යාපන අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

ඉතාලියේ දී මෙම හමුව සිදුව ඇති අතර එරට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය Giuseppe Valditara මහතා ඒ සම්බන්ධයෙන් ධනාත්මක අදහස් දක්වා ඇති බව ද සඳහන්.

දෙරටෙහි අධ්‍යාපනය සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් පැවතීම දෙරටෙහි ම ආර්ථික වර්ධනයට මෙන් ම සමාජයීය සහයෝගීතාව වර්ධනයටත් මනා රුකුලක් වන බව ද මෙහෙදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

මෙහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත්තේ මෙරට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ද ඉතාලියේ වෘත්තීය අවස්ථා හා ගැළපෙන අයුරින් විධිමත් ව සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බවයි.

තව ද ශ්‍රී ලංකාව තුළ ලාංකිකයන්ට ඉතාලි භාෂාව විධිමත් ව ඉගෙන ගැනීමට අවශ්‍ය භාෂා විද්‍යාගාරයක් සහ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මෙහි දී ඉල්ලා තිබෙනවා.

මෙරට සිසුන් සඳහා ඉතාලියේ උසස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමු කර වූ බව ද සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: