hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 24, ප.ව. 3:24



ඔන්ලයින් ඔස්සේ ක්ෂණික ණය මුදල් ලබා දෙන බව පවසමින් සිදු කරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණ කරනවා.

ජනතාව අපහසුතාවට පත්කරන මෙවැනි ගනුදෙනුවලට සම්බන්ධ සමාගම්වලට එරෙහිව පොලීසිය පියවර ගත යුතු බව එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම් හරහා ක්ෂණික ණය ලබාදෙන ආයතන රැසක් පිළිබඳව මේ දිනවල මහජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා.

නොයෙකුත් හදිසි අවශ්‍යතා මත එලෙස ණය ලබාගත් පුද්ගලයින් පවසන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ තමාගේ තොරතුරු ලබාගන්නා එම සමාගම් විශාල පොලී අනුපාතයක් යටතේ එම මුදල් නැවත අය කරගැනීමට කටයුතු කරන බවයි.

තමා ලබාගත් ණය මුදලට වඩා ඉතා විශාල මුදලක් නැවත ගෙවීමට සිදුවන එම ගැණුම්කරුවන්ට එම මුදල පියවා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ තර්ජන වලටද මුහුණ දීමට සිදුවී තිබෙනවා.

ඔන්ලයින් ණය ලබාදුන් ආයතනයේ සේවකයෙන් ණය ගැනුම්කරුවෙකුට දුරකථනයෙන් තර්ජනය කර මුදල් ඉල්ලා සිටියේ මෙලෙසිනි.

“ඔබතුමිය 130,000 ලෝන් එකක් අරන් තියෙනවා. පැයක් දෙන්නම්. සල්ලි ගෙවලා ස්ලිප් එක එවන්න ඕනේ. ඕක වෙන ක්‍රමවේදයකට ගන්න ගියොත් 150,000ක් ගෙවන්න වෙනවා. ඔයා හුස්ම ඇරියට වැඩක් නැහැ. ෆෝන් ඕෆ් කළොත් වෙනදේ බලන්න.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, 

“මුදල් ගන්නත් මුදල් එකතු කරන්නත් මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. එහෙම නොවී ආයතන 40කට වැඩි ප්‍රමාණයක් ජනතාව පීඩාවට පත්කරනවා. ඔන්ලයින් ණය මුදල් දෙන ආයතන ඇප් එකක් දෙනවා ඩවුන්ලෝඩ් කරන්න. ඇප් එක ඩවුන්ලෝඩ් වුණාම ෆෝන් එකේ තියෙන සියලුම තොරතුරු ඒ අයට යනවා. එහෙම තමයි ජනතාව හිර කරන්නේ. රුපියල් 3,000 සිට ණය ලබාදීම පටන් ගන්නවා. 365%යි පොලිය. දවසට 1%යි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: