hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:02



ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

ඔහු පවසන්නේ වත්මන් තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය උදෙසා ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති බවත්, අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් සුළු ණය යෝජනා ක්‍රමයක් සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කර තිබෙනවා. එමඟින් ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වන්නේ වත්මන් තරුණ පරපුර ඉදිරි ලෝකයට ගැලපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමයි. ඒ වගේම ලෝක වෙළඳපොළ 2024-2025 සදහා අත්කම් වෙනුවෙන් බිලියන 789ක් වැය කිරීමට සූදානම්ව සිටිනවා. ඉන් 1%ක් අප රට වෙනුවෙන් වෙන්කර ගැනීමට හැකි නම් එය රටක් ලෙස විශාල ජයග්‍රහණයක් බව මම විශ්වාස කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: