hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:02



ජංගම දුරකථන වැට් බද්දෙන් නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන්, රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජංගම දුරකථන සහ උපාංග ආනයනකරුවෝ දන්වා සිටින්නේ, 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද 15% සිට 18% දක්වා එකරව වැඩිවීම හේතුවෙන් ජංගම දුරකථන කර්මාන්තයට දැඩි බලෑමක් එල්ල වන බවත් එමගින් සෘජු රැකියා අවස්ථා 10,000කට අධික සංඛ්‍යාවක් දැඩි අවධානමකට ලක්වී ඇති බවයි.

මෙලෙස වැට් බදු වැඩිවීම නිවේදනය කිරීමට පෙර ජංගම දුරකථන ආනයනකරුවන්ගේ ගැටලු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දැනුම් දුන්නද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැතැයිද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරයි.

ජංගම දුරකථන ආනයනකරුවෝ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙලෙස ජංගම දුරකථන හා උපාංග මිල ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ව්‍යාජ භාණ්ඩ ඉහළ ගොස් රජයට ලැබෙන බදු ආදායම අහිමි වීමේ අවදානමක් ද පවතින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: