2023 අගෝස්‍තු 16, ප.ව. 12:03
නව ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරන තුරු “අස්වැසුම” ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා නොවෙනස්ව, පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683 ක් සදහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඉදිරි දින කිහිපය තුළ ගෙවීම් සිදුකිරීමට නියමිත වන බවයි.
ඔහු මේ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පොරොත්තු ලේඛන ද ඇතුලත්ව 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාවත්, 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව හා 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබා දීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා ගැනීමේ හැකියාව පවතී.
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:03
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 11:29
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26