hit counter

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:05



ණය අර්බුදයෙන් මිදීම සදහා උපාය මාර්ග සකස් කළ යුත්තේ, රටට ගැළපෙන පරිදි මිස වෙනත් රටවල් දෙස බලා නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළා.

ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවති සමුළුවකට එක්වෙමින්.

මේ අතර ලාභ ඉපැයිය හැකි ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව විකිණීමේ තර්ජනයට ලක්ව ඇති බව ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන සේනානායක කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ, මීට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

මේ අතර සිය ගැටලු‍වලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ විධායක නිලධාරික්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

විධායක නිලධාරින්ට බලපා ඇති අධික ජීවන වියදම, උද්ධමනය හමුවේ වැටුප් අවප්‍රමාණය වීම, වැටුප් විෂමතාවය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනුයි එය පැවැත්වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: