hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 12, පෙ.ව. 12:07



පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන මහ බැංකුව එලෙස ශ්‍රී ලංකාව තුළ පිරමීඩ යෝජනා ක්‍රම නීති විරෝධී වන අතර එම යෝජනා ක්‍රමවලින් ප්‍රවේශම් වන ලෙස ද ප්‍රකාශ කර ඇත.

ඍජුව හෝ වක්‍රව හෝ පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වළකින ලෙස ද පිරමීඩ යෝජනා ක්‍රමවලට රැවටී තමන් වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල් අහිමි කර නොගන්නා ලෙස ද මහ බැංකුව එම නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

අන් අය බඳවා ගැනීම මගින් ඉක්මනින් පොහොසත් විය හැකිය යනුවෙන් ප්‍රකාශ කරමින් පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ වන ලෙසට යමෙකු ප්‍රකාශ කර සිටී නම් හෝ භාණ්ඩ අතථ්‍ය මුදල් හෝ වෙළෙඳාම් කිරීම මඟින් පහසුවෙන් මුදල් හෝ වාර්තාගත ලාභ උපයා ගැනීමට හැකි බවට පැවසෙන අවස්ථා පිරමීඩ යෝජනා ක්‍රම වන බව ත් මහ බැංකුව පෙන්වා දී ඇත.

පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ වූවන් හෝ ආයතන වශයෙන් ක්‍රියාත්මක පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන්නන් ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදක අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් ඔවුන් යහපත් පුද්ගලයන් සේ සමාජයේ පෙනී සිටීමට උත්සහ ගන්නා බව ද මහ බැංකුව වැඩිදුරට ත් සඳහන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: