hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:02



භාණ්ඩ හා සේවාවල පවතින මිල ගණන් සලකා බලා ඉදිරි දින කිහිපය තුළ ආහාරපානවල මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ජාතික පුවත්පතක් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී, ඔහු තවදුරටත් පෙන්වා දී ඇත්තේ වෙළෙඳපොළේ සහල්, එළවළු, මස්‍, මාළු, බිත්තරවල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම නිසා ඉදිරි දින කිහිපය තුළ බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ආදී ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදු වනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: