hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 24, ප.ව. 2:18



එළඹෙන උත්සව සමයේ කැවුම් මිල ඉහල යාම නිසා අලෙවිය පහල බැස ඇති බව හැටන් ප්‍රදේශයේ රස කැවිලි අලෙවිකරුවන් පැවසුවා.

සිනී, සහල්, පොල්තෙල් ඇතුළු කැවුම් පිසිමට උපයෝගි කර ගන්නා අමු ද්‍රව්‍ය මිල ඉහල යාම නිසා කොණ්ඩ කැවුමක් රු 80/=, මුං කැවුමක් රු 60/=, ආස්මීයක් රු 130/=, කොකිස් පැකට්ටුවක් රු 130/=, පැණි වළලු රු 60/=, කේක් කිලෝවක් රු 1200/= වැනි මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත් එම මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ගෙන් රස කැවිලි මිලදී නොගන්නා බවයි වෙලෙන්දුන් කියා සිටින්නේ.

ඉකුත් වසරේ නත්තල් සමයේ රස කැවිලි ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබුණු බවත්, මේ වසරේ කිසිදු ඇණවුමක් නොලැබු බවයි හැටන් ප්‍රදේශයේ රස කැවිලි නිෂ්පාදකයන් කියා සිටියේ.

උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බවත්, එවන් තත්ත්වයක් මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව පාරිභෝගිකයන් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: