hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 19, ප.ව. 12:34



භාණ්ඩ වර්ග තිහක් ජනවාරි මාසයේ සිට වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද උපකරණ හා නිෂ්පාදන, කෘෂිකාර්මික ට්‍රැක්ටර්, පොහොර, බීජ හා පැළ වර්ග, ඉස්සන් ගොවි​පළ සඳහා භාවිතකරන ආහාර වර්ග මෙලෙස නිදහස් කිරීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ.

තවද සත්ත්ව ආහාර, කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර, රෙදිපිළි කර්මාන්තයේ භාවිත කරන නූල්, අත්යන්ත්‍ර කර්මාන්තයේ භාවිත කරන ඩයි වර්ග ඇතුළු භාණ්ඩ තිහක් මේ ආකාරයට වැට් බද්දෙන් නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: