hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 13, පෙ.ව. 9:29



පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ පොදු ප්‍රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වන බවයි.

කෙසේවෙතත් සෙසු වාහන ආනයනය කිරීම පිළිබඳ මූල්‍ය විශ්ලේෂකයන් පවසන්නේ දැනට පවතින විදේශ විනිමය සංචිතවලට සාපේක්ෂව සෙසු වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි.

වාහන ආනයනය කඩිනම් කිරීම හරහා යළිත් වරක් ඩොලරයේ අගය ඉහළ යා හැකි බව ද ඔවුන් අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: