hit counter

2026 ජනවාරි මස 06 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 1:33



ආයෝජන ආකර්ශනය කර ගැනීමේ අරමුණින් තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති ආයෝජන සඳහා වූ ආයෝජකයන් රඳවා ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන සහ ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුනු සේවා සමාගම් සීයක වැඩසටහන යටතේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම ඇමෙරිකා ඩොලර් 30000 නොඉක්මවූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබා දීම පිණිස මුදල් ආර්ථිකය ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: