hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 1:17



පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය අත්හිටුවීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක පමණ කාලයද අවසන් වූ බව සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවයි.

ඒ අනුව මේ වනවිට කිසිදු වාහනයක් ආනයනයට අවසරයක් නොමැති බව සඳහන්.

වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය, විශේෂ කමිටුවක්ද පත් කර තිබෙන අතර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල ඇති ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: