hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 15, ප.ව. 8:27



මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බවයි.

ඒ අනුව මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මඟ පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිලිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වාහන ආනයනය යනු රටේ විදේශ සංචිත වලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම, රජය ජාත්‍යන්තර මූල්‍ය වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළා.

එම නිශ්චිත වැඩපිළිවෙල සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මහ බැංකුව, වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායමේ දෙකේ නියෝජිතයින්, වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින්, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇති වන සියලු කණ්ඩායම් ඇතුළු වන පරිදි එම කමිටුව පත් කළ බවද රාජ්‍ය අමාත්‍යාවරයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: