hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 06, පෙ.ව. 11:21



ඉදිරියේදී වාහන ආනයනය කිරීමේදී ඉලෙට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා ප්‍රමුඛතාව හිමිවනු ඇති බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවැසුවා.

මේ වන විටත් ඒ සඳහා වන සාකච්ඡා සිදුවෙන බවත් ඉදිරියේදී රජය විසින් ඒ බව නිල වශයෙන් දැනුම් දෙනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසූයේ ඊයේ ජගත් පරිසර දිනය නිමිති කරගනිමින් ‘ඵලදායි භූමි පරිභෝජනයෙන් සුවදායි දෙරණක්, ‘හරිත වර්ණයෙන් යුත් සදාහරිත දෙපාර්තමේන්තුවක්’ යන තේමාව ඔස්සේ ඊයේ (05) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිදුකරන ලද පැළ සිටුවීමේ අවස්ථාවකට එක්වෙමිනි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන මගින් රාජ්‍ය ආයතන පරිශ්‍රයන්වල රුක් රෝපණ වැඩසටහනක් ආරම්භකර ඇති අතර මේ ඔස්සේ නාගරික ප්‍රදේශවල වායු විමෝචනය අවම කිරීමට දායකත්වයක් ලබාදීමට බලාපෙරොත්තු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: