hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 11:40



කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයෙකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑමේ සිද්ධියට මාලබේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.

සැකකාර පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බව පොලීසිය සඳහන් කරයි.

කොස්තාපල්වරුන් තිදෙනාගෙන් අයකු පොලිස් විශේෂ කාර්යාංශයේ මාලබේ පොලීසියට අලුත් අයෙක් බවත් නිලධාරියකු පැවසුවා.

කොල්ලකෑමට යොදා ගත් ත්‍රීරෝද රථයක් සහ කොල්ලකන ලද රන් මාලය සහ ජංගම දුරකථනය පොලීසිය මඟින් සොයා ගෙන තිබෙනවා.

වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු ඉකුත් 20 වෙනි දින කොට්ටාව විද්‍යාල හංදියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණ එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණ තිබූ මෙම සැකකරුවන් සිව්දෙනා මාර්ගයක් අසල මුවාවෙන් තරුණයා අසලට පැමිණ  ඔහු කර බැඳි රම්මලේ සහ එක ගරහති ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම තරුණයා මේ පිළිබඳ ඉකුත් විසි එක් වෙනි දින සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කිරීමේදී කොල්ලකෑමට පැමිණි ත්‍රීරෝද රථය මාලබේ පොලීසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයෙකුට අයත් ත්‍රීරෝද රථයක් බවට අනාවරණ වූ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බි.ජි.එස් ජයමහ මහතාගේ උපදෙස් මත තව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.කේ.සුභාෂණ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග පොලිස් පරීක්ෂක ලාල් මහත්තුරු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: