hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 1:55



බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුමිත් සිල්වා නැමති 52 හැවිරිදි තිදරු පියෙක් ඊයේ(13) හදිසියේම රෝගාතුරව රෝහල්ගත කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් තිබෙන්නේ බණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල හෝටලයකින් බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කළා යැයි ගම්වාසීන් සමඟ විරෝධතාවයේ යෙදුණු පුද්ගලයෙක්.

මිය ගිය පුද්ගලයා විසින් මධ්‍යම පරිසර අධිකාරියට අයත් වාහන දෙකක් හෝටලයට පැමිණෙන බව දැකීමෙන් අනතුරුව හෝටලය පිටුපස අනවසරයෙන් ගොඩ කර ඇති රක්ෂිත කොටස ගම්වාසීන් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට පෙන්වා එම ස්ථානය ගොඩ දමා පෙන්වීමට කටයුතු කර තිබුණා.

මෙහිදී හෝටලයේ සිට බොල්ගොඩ ගඟට බෝට්ටුවලට නැඟීම සඳහා යොදා ඇති කොන්ක්‍රීට් බැම්ම යටින් අපද්‍රව්‍ය ගඟට යොමු කිරීම සඳහා බට යොදා ඇති බව අනාවරණය වුණා.

මිය ගිය පුද්ගලයාද මෙම පරීක්ෂා කිරීම්වලට සහය වෙමින් සිටින අතරදී අසනීප වී ඇති අතර හදිසියේ අසනීප වී බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් දැක්වූයේ මෙම හෝටලය පිහිටි ප්‍රදේශයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බැවින් නිවෙස්වල සිටීම පවා අපහසු බවත් මේ පිළිබඳව බණ්ඩාරගම පොලීසියට කිහිප වතාවක්ම පැමිණිලි කළ බවයි.

බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙකුද එම ස්ථානයට පැමිණ සිටියේ මධ්‍යම පරිසර අධිකාරියේ සහ හෝටලයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතා එල්ල වීමත් සමඟය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: