hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 18, ප.ව. 12:10



 ඉන්දියාවේ මුම්බායි නුවර එළිමහන් පිටියක දිවා කාලයේ පැවැති සම්මාන උත්සවයක් අතරතුර අධික උෂ්ණත්වය දරා ගැනීමට නොහැකිව පුද්ගලයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

මේ උත්සවයට 600කට අධික පිරිසක් සහභාගි වී තිබෙනවා.

විජලනය සහ ආඝාතයෙන් පීඩාවට ලක්ව හෘදයාබාධවලට ගොදුරු වීමෙන් එම පිරිස ජීවිතක්ෂයට පත්වී ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

මිය ගිය පුද්ගලයන් අතර කාන්තාවන් අටදෙනකු සහ වයෝවෘද්ධ පුද්ගලයන් තිදෙනකු සිටින බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

පැය පහකට අධික කාලයක් දැඩි හිරු රශ්මියෙන් පීඩා විඳිමින් සිටි තවත් පිරිසක් රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙනවා.