hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 7:24



කැනඩා පාර්ලිමේන්තුවේදී ගරු බුහුමනට ලක්වීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූ හිටපු භටයකු වන යරොස්ලාව් හුන්ක පෝලන්තය වෙත උදර්පනය කරන ලෙස ඉල්ලා සිටීමට පෝලන්ත රජයේ අවධානය යොමුව තිබෙනවා.

පෝලන්ත ඇමති පෙරෙස්ලාව් සාර්නික් සඳහන් කළේ කැනඩාව වෙතින් එම පුද්ගලයා උදර්පනය කරන ලෙස ඉල්ලා සිටීමට අවශ්‍ය පියවර තමන් මේ වනවිට ද ගෙන ඇති බවයි.

නට්සි ජර්මනියේ 14 වන වෆන් SS ග්‍රනඩියර් ඩිවිෂනය හෙවත් ගැලීසියානු ඩිවිෂනය සඳහා සේවය කළ බව සඳහන් හුන්ක දැනට 98 වන වියෙහි පසුවනවා. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ සංචාරය අවස්ථාවේ කැනඩා පාර්ලිමේන්තුවේදී හුන්ක ගෞරවයට පත් වූයේ යුක්‍රේන නිදහස් සටන්කාමියකු ලෙසයි. එහෙත් ඔහු නට්සියකු බව පසුව හෙළි වූ අතර එම ආන්දෝලනය හේතුවෙන් කැනඩාවේ කතානායකවරයාට සිය ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සිදුවුණා.