2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:41
දෙවන ලෝක යුධ සමයෙහිදී නට්සි වෆන්-SS හමුදාව වෙනුවෙන් සේවය කළ යුක්‍රේනියානුවකුට ආචාර කිරීම පිළිබඳ රුසියාව විසින් කැනඩාවට දොස් පවරා තිබෙනවා.
දැනට 98 හැවිරිදි වන යරොස්ලාව් හුන්කාට මෙසේ මන්ත්‍රීන්ගේ ආචාරය හිමි වූයේ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ සංචාරය අතරතුරයි.
කැනේඩියානු පාර්ලිමේන්තුවේ කතානායකවරයා මෙම සිද්ධිය පිළිබඳ යුදෙව් ප්‍රජාව වෙත සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණා.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් පෙන්වා දී තිබුණේ බටහිර රටවල් ගණනාවක් සිය තරුණ පරපුරට දෙවන ලෝක යුද්ධයේදී කවුරුන් සමග කවුරුන් සටන් වැදුණිද යන කරුණ පැහැදිලි නොකරන බවයි. ඔවුන්ට ෆැසිස්ට්වාදයේ තර්ජනය ගැන අවබෝධයක් ද නොමැති බව පෙස්කෝෆ් කියා සිටියා.
කැනේඩියානු පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් හුන්කා හඳුන්වා දී තිබුණේ රුසියානුවන්ට එරෙහිව යුක්‍රේනියානුවන්ගේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් වැදුණ යුක්‍රේන-කැනේඩියානුවකු ලෙසයි. ඔහු යුක්‍රේනයේ සහ කැනඩාවේ වීරයකු ලෙස හඳුන්වා දෙනු ලැබුණා. දෙවන ලෝක යුද්ධයේදී ඇතැම් යුක්‍රේන ජාතිකවාදීන් සෝවියට් පාලනයට එරෙහිව නට්සි ජර්මනියට ආධාර කළ අතර එම හුන්කා ද එලෙස කටයුතු කළ අයකු බවයි සඳහන් වන්නේ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24