hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 7:32



ප්‍රංශය සිය තානාපතිවරයා සහ හමුදා කණ්ඩායම් නිජර් වෙතින් ඉවත් කරගන්නා බව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා.

ඉදිරි දිනවලදී නිජර් හි ප්‍රංශ තානාපතිවරයා යළි සිය රට පැමිණෙනු ඇති බවත් මෙම වසර තුළදී නිජර් හි රැඳී සිටින 1,500 ක් පමණ වන ප්‍රංශ හමුදා ඉවත් කරගැනීම සම්පූර්ණ කරන බවත් මැක්‍රොන් ඊයේ සඳහන් කළා.

ජූලි 26 වනදා නිජර් හි සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් හිටපු ජනාධිපති මොහොමඩ් බසූම් බලයෙන් නෙරපන ලද අතර ඉන් සති කිහිපයකට පසු ප්‍රංශ තානාපතිවරයාට රටින් පිටවන ලෙස නව හමුදා පාලනය අණ කළා. කෙසේ වෙතත් ප්‍රංශය මෙතෙක් එම නියෝගය පිළිගැනීමෙන් වැළකී සිටියේ හමුදා පාලනය තමන් විසින් නිල වශයෙන් පිළිනොගන්නා බව පවසමින්.

නිජර් හි ප්‍රංශ තානාපතිවරයාට සහ ප්‍රංශ හමුදාවන්ට එරෙහිව පසුගිය සති කිහිපයේ දී එරට උද්ඝෝෂණ කිහිපයක්ම පැවැත්වුණා.