hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 25, පෙ.ව. 6:52



ඉන්දීය මහමැතිවරණය මෙම අවස්ථාවේ පැවතියහොත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නැවත වරක් ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බව අගෝස්තු 24 වනදා පළ වූ India Today-CVoter සමීක්ෂණය මගින් පෙන්නුම් කෙරෙනවා.

මේ අතර “ඉන්ඩියා” සන්ධානය ආසන 193 ක් ද අනෙකුත් පක්ෂ ආසන 44 ක් ද දිනාගනු ඇතැයි එම සමීක්ෂණය පෙන්වා දුන්නා.

ලෝක් සභාවේ බහුතරය සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රීන් 272 ක් බැවින්, මෙම සමීක්ෂණය අනුව​, වර්තමාන තත්ත්වය දිගටම පැවතියහොත් භාරතීය ජනතා පක්ෂයට පහසු මැතිවරණ ජයක් ලැබෙන බව පෙන්නුම් කෙරෙනවා.

මෙම ප්‍රතිඵලය 2023 ජනවාරියේ කළ සමීක්ෂණයට වඩා ආසන අටකින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට​ වාසිදායක බවක් පෙන්නුම් කළා. ජනවාරියේ පළවූ සමීක්ෂණය පෙන්නුම් කළේ ඔවුන් ආසන 298 ක් දිනාගන්නා බවයි.

කෙසේ වෙතත් මෙම අගය 2019 දී ඔවුන් ජයගත් ආසන 357 සිට සැලකියයුතු අඩු වීමක් බව කිව යුතුයි.

මේ අතර​, තනි පක්ෂයක් ලෙස ගත්කළ බීජේපීය ආසන 287 ක් ජයගනු ඇතැයි පෙන්නුම් කෙරෙන අතර ඒ අනුව සන්ධානයේ අනෙකුත් සාමාජිකයන් නොමැතිව වුවද එයට බහුතරය හිමිවන බවක් පෙන්නුම් කෙරෙනවා. ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයට ආසන 74 ක් ලැබේ යයි සමීක්ෂණයෙන් පෙන්නුම් කෙරෙනවා.

මෙම සමීක්ෂණය ජූලි 15 සිට අගෝස්තු 14 දක්වා කාලය තුළ පවත්වන ලද බවත් නියැදියේ විශාලත්වය 160,438 ක් බවත් සඳහන් වුණා.