2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 1:15
යුක්‍රේනියානුවන් විසින් ඝාතනය කරන ලද බව ප්‍රකාශයට පත් කළ කළු මුහුදු නාවික බලකායේ ප්‍රධානී අද්මිරාල් වික්තර් සොකොලොෆ් ජීවත්ව සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
ඔහු රුසියානු ආරක්ෂක අමාත්‍යංශ රැස්වීමකදී අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධව සිටින අයුරු දක් නට ලැබුණා.
යුක්‍රේනියානු විශේෂ බලකා විසින් පසුගිය සතියේ සොකොලොෆ් ඝාතනය කරන ලද බවයි සඳුදා දින නිවේදනය කර තිබුණේ. පසුගිය සිකුරාදා සෙවස්තෝපල් හි කළු මුහුදු නාවික බලකා මූලස්ථානයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් සොකොලොෆ් ඇතුළු නිලධාරීන් 34 දෙනකු මියගියේ යයි යුක්‍රේනය ප්‍රකාශ කර තිබුණා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:45
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55