2023 සැප්තැම්බර් 25, පෙ.ව. 6:52
යුක්රේනයට බටහිරින් ලැබුණු සන්නාහ සන්නද්ධ රථවලින් සැලකියයුතු ප්රමාණයකට දකුණුදිග පෙරමුණේ සටන්වලදී හානි සිදුව ඇතැයි වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කළා.
යුක්රේන හමුදා නිලධාරියකු සඳහන් කර තිබෙන්නේ රබතයින් සහ වර්බවෝයේ ප්රදේශයන් හි යම් යම් ජයග්රහණ ලැබුණ ද සමස්ථයක් ලෙස ගත්කළ සපරෝෂියා ප්රදේශයේ සටන් පෙරමුණේදී යුක්රේනයට ලැබී ඇත්තේ සීමිත ජයග්රහණ බවයි.
එමෙන්ම එම ජයග්රහණ ලබාගැනීමට ද බොහෝ හමුදා රථ විනාශ වූ බව ඔහු පවසා තිබෙනවා. යුක්රේනියානුවන්ට මුහුණදීමට සිදුව ඇත්තේ ඉතාමත් ශක්තිමත් ආරක්ෂක වළලුවලට බව එම නිලධාරියා පවසා තිබෙනවා.
මේ අතර සෙනසුරාදා දිනයේදී රුසියානු ආරක්ෂක අමාත්යංශය නිවේදනය කළේ ගතවූ සතියක කාලය තුළ රබතයින් කලාපයේ යුක්රේනියානු ප්රහාරවලදී එම පාර්ශවයේ සෙබළුන් 515 දෙනකු මියගොස් සන්නද්ධ රථ 24 ක් හා අනෙකුත් රථ 19 ක් ද කාලතුවක්කු 35 ක් ද විනාශ වූ බවයි.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24