hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:01



යුක්‍රේන යුධ බිමෙහි තත්ත්වයන අනුව රුසියානු හමුදා අනුවර්තනය වූ බවත් එහෙයින් යුක්‍රේනයට අහිමි වූ බිම් ප්‍රදේශ අල්ලාගැනීමට ඇති හැකියාව පිළිබඳ සැකයන් මතුවන බවත් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසා තිබෙනවා.

මුල් කාලයේ සිදුවූ වැරදිවලින් පාඩම් ඉගෙනගැනීමට රුසියානුවන් සමත්ව ඇති බවයි එම පුවත්පත පවසන්නේ. ඒ අනුව රුසියානු හමුදා මුලින් පසුබැසීම් ලැබුවද පසුව සිය ආරක්ෂක වළලු සවිමත් කරමින් යුක්‍රේන ප්‍රහාර සඳහා සූදානම් වූ බවත් යුක්‍රේන හමුදා මෙන්ම බටහිර කඳවුර ද වෙහෙසට පත්කිරීමේ උපක්‍රමයක් දැන් ඔවුන් අනුගමනය කරන බවත් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත කියා සිටිනවා.