2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 1:24
සෝමාලියාව සමග ඒකාබද්ධ වීම පිළිබඳ අදහසක් නැතැයි සෝමාලිලන්තයේ ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම නිවේදනය සෝමාලිලන්තය විසින් සිදුකළේ උගන් ඩා ජනාධිපති යොවේරි මුසවේනි, සෝමාලියාව සහ සෝමාලිලන්තය ඒකාබද්ධ කිරීමේ සාකච්ඡා සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කිරීමෙන් අනතුරුවයි.
නමුත් සෝමාලිලන්තය පවසන්නේ තමන් සෝමාලියාව හා සාකච්ඡා කරනුයේ දෙරට වෙන්ව ඉදිරියට ගමන් කරන ආකාරය පිළිබඳ එකඟත්වයක් ගොඩනගාගැනීමට පමණක් බවයි.
සෝමාලියාවෙහි උතුරුදිග ප්‍රදේශය වන සෝමාලිලන්තය 1991 දී සෝමාලියාවෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කළ නමුත් ඊට ජාත්‍යන්තර පිළිගැනීම හිමිව නැහැ.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:45
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55