hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 22, පෙ.ව. 11:41



ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් 250 ක් පමණ මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනිකොනදිග නගරයක් වන Khost සිට කිලෝමීටර් 44ක් (සැතපුම් 27ක්) පමණ දුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් කරනවා.

ඇෆ්ගනිස්ථාන පළාත් පාලන නිලධාරියෙකු බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ මියගිය සංඛ්‍යාව 250 කට වැඩි සංඛ්‍යාවක් බවත් තවදුරටත් එය ඉහළ යාමට ඉඩ ඇති බවයි.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ ඉන්දියාවේ කිලෝමීටර් 500 කට වඩා වැඩි ප්‍රදේශයක කම්පන තත්ත්වය දැනී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මෙන්ම පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ද භූමිකම්පාව දැනුණු බව සාක්ෂිකරුවන් වාර්තා කර ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.