hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 7:56



ඇෆ්ගනිස්ථානයේ දී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක ayman-al-zawahiri ඝාතනය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඩ්‍රෝන යානය ඔහුට මිසයිල දෙකක් එල්ල කරන විට සවාහිරි ආරක්ෂිත නිවසක බැල්කනියේ සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඒ බව තහවුරු කළා.

2011 වසරේ දී ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ව අල් කයිඩා සංවිධානයේ නායකත්වය බාරාගන කටයුතු කළේ අල් සවාහාරි විසින්.

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වන්නේ ද මොහු බවයි ඇමරිකාව ප්‍රකාශ කරන්නේ.