hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 27, පෙ.ව. 10:10



අමෙරිකාවේ දකුණු කලාපයේ පිහිටි මිසිසිපි ප්‍රාන්තයට පෙරේදා බලපෑ අතිශය දරුණු ටොනේඩෝවකින් එම ප්‍රාන්තයේ කිලෝමීටර් 150කට වැඩි විශාල ප්‍රදේශයක් මුළුමනින්ම විනාශයට පත්වී ඇතැයි ද, පුද්ගලයන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන් වැඩිම හානිය සිදු වූ රෝලින් ෆෝක් නගරයේ විශාල ගස්වැල් සහ විදුලි රැහන් කැඩී බිඳී මීටර් ගණනාවක් ඉහළ අහසට පාවී ගිය බව ද වාර්තා වෙනවා.

එම නගරයේ ගොඩනැඟිලි සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර, රථවාහන විශාල ප්‍රමාණයක් විනාශයට ලක්වී තිබෙනවා.

තවත් කුඩා නගරයක් වන සිල්වර් සිටි නුවර තත්ත්වය ඊට නොදෙවැනි බවත්, එම නගරයේ විශාල කඩසාප්පු සියල්ලම විනාශයට පත්වී ඇතැයිද, කුඩු පට්ටම් වී ගිය මෝටර් රථ විශාල සංඛ්‍යාවක් සුන්බුන් බවට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

මේ තත්ත්වය මත මිසිසිපි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සුන්බුන්වලට සිර වූ පුද්ගලයන් සොයා මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.