hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 09, පෙ.ව. 11:23



ඇමේසන් වනාන්තරය සුරැකීම උදෙසා නව එකමුතුවක් නිර්මාණය කිරීමට දකුණු ඇමරිකානු රටවල් අටක් එකඟතාව පළ කර තිබෙනවා.

බ්‍රසීලයේ පැවති සමුළුවකදී මෙම එකඟතාවයට පැමිණියේ බ්‍රසීලය​, බොලිවියාව​, ඉක්වදෝරය​, කොළොම්බියාව​, පේරු, වෙනෙසුවේලාව​, සුරාන් සහ ගයානාව යි.

එමෙන්ම ඇමේසන් වනාන්තරය රැකගැනීම සඳහා සංවර්ධිත රටවල් වඩා වැඩි දායකත්වයක් දැක්විය යුතු බවත් පාරිසරික ප්‍රශ්නවලට මුහුණදෙන පාර්ශව පමණක් නොව ඊට දායකවන පාර්ශව ද ඒ පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් පවසනවා.

අලුතින් බිහිවූ ඇමේසන් සහයෝගීතා ගිවිසුම් සංවිධානය, ඇමේසන් වනාන්තරය ආශ්‍රිත තිරසර සංවර්ධනය, වන විනාශය වැළැක්වීම සහ වන විනාශයට දායකවන අපරාධකරුවන් මර්ධනය ආදී කරුණු පිළිබඳ වන සැලැසුමක් සඳහා එකඟව තිබෙනවා.

කෙසේ වෙතත් වනාන්තර එළි කිරීම සපුරා නැවැත්වීම සහ තෙල් සඳහා ගවේශණ සපුරා නැවැත්වීම පිළිබඳ එකඟතාවයක් මෙම රටවල් අතර ඇතිතී නැහැ. ඒ වෙනුවට එම කරුණු පිළිබඳ එක් එක් රටවල් තම තමන්ට සුදුසු ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු යයි එකඟතාවයක් ඇතිකරගනු ලැබුණා.

ඇමේසන් වන විනාශය 2030 වනවිට සම්පූර්ණයෙන් නැවැත්වීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා විසිනුයි.