hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 ජූලි 15, පෙ.ව. 12:07



ඊශ්‍රායලය කියන්නේ හැමවිටම තාක්ශනය භාවිතයෙන් අපූරු නිර්මාණයන් බිහි කරන රටක්.

හැමවිටම නව මානයන් කෙරෙහි සිය අවධානය යොමු කරන මේ අපූරූ රට තවත් අපූරු නිර්මානයක් බිහි කලා.

ඒ මිනිස් ශ්‍රම‍යෙන් ඵලදාව නෙලීම වෙනුවට ඵලදාව නෙලා ගැනීම සඳහා කෘතිම බුද්ධිය සහ ඩ්‍රෝන යාන උපයෝගී කර ගැනීම ඔවුන් යොමු වුනා.

ඵලදාව නෙළන අවස්ථාවේදී ඉදුනු පලතුරු වෙනම හඳුනා ගැනීමටත් පළිබෝධ හඳුන ගැනීමටත් කෘතිම බුද්ධිය යොදාගනු ලබනවා.

මේ වනවිට මේ තාක්ශනය ඊශ්‍රායලයේ ගොවිබිම්වලට යොදාගෙනයි තිබෙන්නේ.

ඵලදාව නෙලා ගැනීමේ සිට ආරක්ෂාකාරීව ඇසුරුම් කිරීම දක්වාම කාර්‍යය පටිපාටිය සඳහා තනිව තීරණය කර කටයුතු සිදු කරන්නේ කෘතිම බුද්ධිය හරහායි.

ඊශ්‍රායලය යොදාගනු ලබන මෙම තාක්ශනය තවත් රටවල් බොහෝමයක් මේ වන විට යොදාගනු ලබනවා.

ඒ වගේම ගොවිබිම් තුළ සිදු කෙරෙන පොහොර යෙදීම,බෙහෙත් ඉසීම වැනි කාරනාද මේ වන විට සිදු කරන්නේ කෘතිම බුද්ධිය හරහායි