hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 10:12



ආර්ජන්ටිනාවේ අරාජිකවාදී – දක්ෂිනාංශික දේශපාලක හාවියර් මිලේයි ඊයේ එරට නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා.

මිලේයි රජයේ වියදම් කපාහැරීමට ප්‍රතිඥා දී ඇති අතර සාමාජීය කරුණු පිළිබඳ සංරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වනවා. එමෙන්ම ඔහු ඇමරිකා එක්සත් ජනපදය සමග සබඳතා පුළුල් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දිවුරුම් දීමේ උත්සවයේදී ජනතාව අමතමින් ඔහු කියා සිටියේ රජයේ මූල්‍ය තත්ත්වය ඉතා අයහපත් බවයි. එහෙයින් ජනතාවට අපහසු කාලයක් එළඹිය හැකි බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ සමයේදී ඔහු සඳහන් කළ ඇතැම් දැඩි ක්‍රියාමාර්ගවලින් ඔහු ඈත්ව සිටින බවත් පෙනී යනවා. බ්‍රසීලය සහ පාප්වහන්සේ දැඩි විවේචනයට ලක් කළ ද ඔහු මේ වනවිට ඔවුන් සමග සබඳතා ගොඩනගාගෙන තිබෙනවා. එමෙන්ම ආර්ථිකය සම්පූර්ණයෙන් ඩොලර්කරණය පිළිබඳ පොරොන්දුව ද එක්වර සිදුකෙරෙන බවක් පෙනෙන්නට නැහැ.