2024 අප්‍රේල් 08, ප.ව. 5:05
සපරෝෂියා න්‍යෂ්ටික බලාගාරය වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බවට අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සි ප්‍රධානී රෆායෙල් ග්‍රොසී අද තහවුරු කළා.
මෙහිදී ඩ්‍රෝන තුනක් පිපිරී ඇති අතර අංක 6 දරන ප්‍රතික්‍රියාකාරකයේ පිටත ආරක්ෂක බිත්තියේ ශිඛරාර්ධගෝලයට ද එක් ඩ්‍රෝනයක් එල්ල වී තිබෙනවා.
ග්‍රොසී පැවසූයේ මෙම ප්‍රහාරයෙන් විකිරණ කාන්දුවක් සිදුව නැති නමුත් මෙවැනි ප්‍රහාර එල්ල වීම අනුමත කළ නොහැකි බවයි.
මෙම ප්‍රහාරය ඉරිදා දිනයේ එල්ල වූ අතර එය රුසියාව විසින්ම සිදුකරගත් එකක් යැයි යුක්‍රේනය චෝදනා කරනවා.
2022 පෙබරවාරියේදී යුධමය තත්ත්වය ආරම්භයේදී මෙම බලාගාරය රුසියානුවන් අතට පත්වුණා. යුක්‍රේනය පවසන්නේ එයින් හමුදා ඉවත් කරගත යුතු බවයි. යුරෝපයේ විශාලම පරමාණුක බලාගාරය වන මෙහි ප්‍රතික්‍රියාකාරක හයක් වනවා. දැනට එහි විදුලිබලය නිපදවන්නේ නැහැ. නමුත් එහි සිසිලන පද්ධතිය ආදිය පවත්වාගැනීමට ඊට විදුලි බලය සැපයෙනවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48