hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 ජනවාරි 09, ප.ව. 5:42


WhatsApp
Telegram

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් කාන්තාවක් සමඟ සමීප සංවාදයක යෙදුණු බව කියන හඬපටයක් පිටවීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.

පාකිස්තාන මාධ්‍යවේදී Syed Ali Haider සෙයිඩ් අලි හයිදර් විසින් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඇති මේ හඬ පටය, මහමැතිවරණයට මාස කිහිපයක් ඇති බැවින් මේ හඬපටයට දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

ඇතැමුන් කියන්නේ එම හඬපටය පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ්ගේ කාර්යාලයෙන් පිටවන්නට ඇති බවයි.

එසේ වුවත් එය මේ වන විට එරට වැඩි කතාබහට ලක්වී ඇතැයි ද, ඒ සමඟම ඔහුගේ පැරැණි සෙල්ලක්කාර ජීවිතය පිළිබඳ මතකය ජනතාවගේ සිත්වල අවදි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ අගභාගයේ එරට පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහ කළ ඉම්රාන් ඛාන් නැවත බලයට පත්වීමේ උත්සාහයක යෙදී සිටින බැවින් මේ හඬපටය ඊට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි පාකිස්තානයේ දේශපාලන විශ්ලේෂකයෝ කියයි.