2023 ජූනි 30, ප.ව. 5:37
ඇමෙරිකානු කලා නිර්මාණකරුවන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති, ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම අත්බෑගය ලුණු කැටයකටත් වඩා කුඩා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
වෙන්දේසියකදී එය අලෙවි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 63,750ක මුදලකටයි
මෙම අත්බෑගය බැලීමට අන්වීක්ෂයක් අවශ්‍ය වන බැවින් එය අන්වීක්ෂීය අත්බෑගයක් ලෙසද හඳුන්වයි. නිව්යෝර්ක් හි නගරයක් වන Brooklyn හි පිහිටි මෙම සුවිශේෂී කලා නිර්මාණකරුවන්ගේ එකතුව හඳුන්වන්නේ MSCHF ලෙසටයි.
ඔවුන් මෙවැනි අති විශේෂ නිර්මාණයන් සිදුකිරීම සම්බන්ධයෙන් සුවිශේෂී ආකර්ෂණයක් හිමිකරගෙන ඇත.
අදාළ නිර්මාණය හඳුන්වාදෙමින් ඔවුන් ප්‍රකාශයට පත්කර ඇත්තේ අත්බෑග කුඩා කිරීමේ අවසානය මෙය බවයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24