hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:14



පුද්ගල ඝාතන දෙකකින් පසු බෙල්ජියමේ ත්‍රස්ත අවදානම් තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ස්වීඩන ජාතිකයන් දෙදෙනෙක්. සඳුදා රාත්‍රී 7.15 ට පමණ බ්‍රසල්ස් අගනුවර දී මෙම ඝාතන සිදුව තිබෙන අතර ඝාතනයට ලක්වූ දෙදෙනා ස්වීඩන පාපන්දු ලෝලීන් බවයි විශ්වාස කෙරෙන්නේ. මෙම ඝාතන සිදුවන අවස්ථාවේ යූරෝ 2024 සඳහා බෙල්ජියම සහ ස්වීඩනය අතර සුදුසුකම් ලැබීමේ තරගය පැවති අතර එහි ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගනයෙන් පිට නොවන ලෙස දන්වනු ලැබුණා.

ප්‍රහාරය එල්ලකළ පුද්ගලයන් දේශසීමාවෙන් පළා යාම වැළැක්වීම සඳහා මුරකාවල් යොදන ලද බව ද බෙල්ජියමෙන් වාර්තා වනවා.

මේ අතර බෙල්ජියම් අගමැතිවරයා ස්වීඩන අගමැතිවරයාට සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

සමාජ මාධ්‍යවල පළව තිබූ වීඩියෝවකින් දිස් වූයේ ඝාතන සැකකරු ස්කූටරයකින් බැස වෙඩි තබන ආකාරයයි. ඔහු “අල්ලාහු අක්බර්” යයි හඬ නැගූ බව ඇසින් දුටු සාක්කිකරුවන් පවසා ඇතැයි වාර්තා වුණා.