2022 නොවැම්‍බර් 28, ප.ව. 2:21
බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ආශ්‍රිතව ඊයේ (27) උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ බෙල්ජියම සහ මොරොක්කෝව හමුවේ ගෝල 2-0ක් ලෙස බෙල්ජියම පරාජය පත්වීම හේතුවෙන්.
පරාජයේ වේදනාවෙන් සිටි පාපන්දු ප්‍රේක්ෂකයන් කළහකාරී ලෙස අගනුවර අවට තිබු මෝටර් රථවල විදුරු බිඳ දමමින් ඒවා පෙරලා ගිනි තැබීමට උත්සහ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරිදා සවස් වන විට බොහෝ නගර නොසන්සුන් සන්සුන් බවක් ඇති වූ බවයි.
එරට ආරක්ෂක අංශ කළහකාරී වූ පිරිස පාලනය කිරීම සඳහා කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කැරලිකරුවන් මෝටර් රථ පෙරළා ගිනි තබා ඇති අතර මෙම තත්ත්වය හමුවේ බ්‍රසල්ස් නගරාධිපති ෆිලිප් ක්ලෝස් නගර මධ්‍යයෙන් ඉවත්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබුණා.
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10