hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 පෙබරවාරි 26, ප.ව. 11:42



2024 ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් නොවන බව රිපබ්ලිකන් නාමයෝජනාව සඳහා තරග කළ විවේක් රාමස්වාමි පවසනවා.

නොබෝදා අවසන් වූ කොන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරික කමිටු රැස්වීමේදී සභාව ඇමතූ රාමස්වාමි කියා සිටියේ රිපබ්ලිකන් පාක්ෂිකයන් කරන විශාලම වරදක් නම් බයිඩන් ජනාධිපතිවරයාව විවේචනය කිරීමට කාලය වැය කිරීම බවයි.

බයිඩන් පිටුපස සිට ඔහුව පාලනය කරන අයට අවශ්‍ය වන්නේ ද රිපබ්ලිකන් පාක්ෂිකයන් බයිඩන් විවේචනය කරමින් ඔහු මීළඟ අපේක්ෂකයා වේ යයි අනුමාන කරමින් සැලසුම් සකස් කිරීම බවයි රාමස්වාමි වැඩිදුරටත් පැවසුවේ.

තවත් මාස කිහිපයක් තුල දී බයිඩන් වෙනුවට වෙනත් අයකු පෙරමුණට දමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තිරය පිටුපස සිටින පිරිස ක්‍රියා කරනු ඇතැයි ඔහු චෝදනා කරනවා.

මේ හේතුව නිසා රිපබ්ලිකන් පාක් ෂිකයන් කළ යුත්තේ බයිඩන් නම් පුද්ගලයා විවේචනය කිරීම අවම කර​, ඒ වෙනුවට රිපබ්ලිකානුවන් පෙනී සිටින්නේ කවර කරුණු වෙනුවෙන් ද යන කාරණය ජනතාව වෙත වැඩියෙන් සන්නිවේදනය කිරීම බව රාමස්වාමි කියා සිටිනවා.