2024 දෙසැම්බර් 02, ප.ව. 1:38
තමන්ට ලැබී ඇති විධායක බලය භාවිතා කරමින් සිය පුත්‍ර හන්ටර් බයිඩන්ට ජනාධිපති සමාව ලබාදීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ක්‍රියා කර තිබෙනවා.
මීට පෙර ජෝ බයිඩන් පුන පුනා පවසා තිබුණේ තමන් තම පුත්‍රයාට විධායක බලය භාවිතා කරමින් සමාව නොදෙන බවයි.
තම පුත්‍රයාව නීතිය ඉදිරියේ අසාධාරණ ලෙස සහ වෙනස්කොට සලකා ඇති හෙයින් ඔහුට සමාව දෙන බව ජනාධිපතිවරයා පවසනවා.
හන්ටර් බයිඩන් ගිනි අවි ළඟ තබාගැනීම පිළිබඳ නීතිය කඩ කිරීම පිළිබඳව ඩෙලවෙයාර් අධිකරණයක් ඉදිරියේ වරදකරු වී තිබූ අතර ලොස් ඇන්ජලිස් හි අධිකරණයක් හමුවේ බදු වංචා පිළිබඳ වරද පිළිගෙන තිබුණා.
හන්ටර් බයිඩන් සඳහා ලබා දී ඇති සමාව 2014 ජනවාරි 1 සිට 2024 දෙසැම්බර් 1 දක්වා වලංගු ලෙස පනවා තිබෙනවා.
2025 ජනවාරි 24, ප.ව. 12:50
2025 ජනවාරි 24, ප.ව. 12:25
2025 ජනවාරි 23, ප.ව. 4:59
2025 ජනවාරි 21, ප.ව. 12:14
2025 ජනවාරි 21, පෙ.ව. 10:04