hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 11:08



මෙම වසරේ අග භාගයේ පැවත්වීමට නියමිත මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය සඳහා තරග කිරීමට භාරතීය ජනතා පක්ෂය විසින් කැබිනට් අමාත්‍යවරයකු ඇතුළු මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකු ද තවත් මන්ත්‍රීන් සිව් දෙනකු ද කැඳවා තිබෙනවා.

කෘශිකර්මාන්ත කැබිනට් අමාත්‍ය නරේන්ද්‍ර සිං තෝමර් මෙම පිරිස අතර ප්‍රධානම චරිතය වන අතර රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු ද ප්‍රාන්ත සභාවට තරග කරනු ඇති.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ මැතිවරණ සිතියමේ වැදගත්ම ප්‍රාන්තයක් වනවා. එහි වර්තමාන ආණ්ඩු බලය ඇත්තේ බීජේපීයට වුවද මීළඟ මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වීමේ ලකුණු පෙන්නුම් කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිපදෙනෙකුම මැතිවරණයට තරග කිරීමට කැඳවා ඇත්තේ එහෙයින් බවයි පෙනී යන්නේ.