hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 18, ප.ව. 2:54



ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ වනවිට චීනය වෙත ළඟාවී තිබෙනවා.

වසර පහකට පසු චීනයට ගිය ඉහළම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා මොහු වන අතර, එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරය මගින් දෙරට අතර සබඳතා ගොඩනංවාගැනීමත්, චීන ජනාධිපති සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර හමුවකට මග පෑදෙනු ඇති බවටයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මීට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පසුගිය පෙබරවාරි මාසයේදීද චීනයේ සංචාරයක නිරතවීමට සැළසුම් කර තිබූ අතර, එය අතහැර දැමුණේ ඇමරිකානු ගුවන් තලය හරහා සැකකටයුතු චීන බැලුනයක් පියාසර කිරීමේ සිද්ධියක් පදනම් කරගනිමින්.