hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 7:56



ජනප්‍රිය වෙරළ තීරයක නිරුවතින් රැඳී සිටීමට අවසරය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අතිශය ජනප්‍රිය වෙරළ තීරයක් වන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Bondi Beach සඳහා එම අවසරය හිමිව තිබෙනවා.

මෙම අවසරය හිමිව ඇත්තේ මෙම සති අන්තයේදී නිරුවත් වෙරළ තීරයක් කිරීම සඳහායි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස නිල වශයෙන් එරට වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථමවරට බවයි.

ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන Spencer Tunick විසින් සංවිධානය කර ඇති ඡායාරූප ගැනීමේ ඉසව්වක් වෙනුවෙන් මෙම සුවිශේෂී අවසරය හිමිව ඇතැයි එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඒ සඳහා Waverley නගර කවුන්සිලය අවසර ලබා දී ඇති බවයි.

එරට වාර්ෂිකව මියයන චර්ම පිළිකා රෝගීන් සිහිපත් කිරීම උදෙසා මෙම ඉසව්ව සංවිධානය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 2000ක් පමණ චර්ම පිළිකා රෝගීන් මියයන බව එම වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව එදිනට පමණක් හිමිවන මෙම අවසරයත් සමඟ එරට වැසියන් සහ සංචාරකයින් 2500කට ආසන්න ප්‍රමාණයක් නිරුවතින් එම ඉසව්වට එක්වනු ඇති බවට සංවිධායකයින් සඳහන් කර තිබෙනවා.