hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2023 ජූනි 10, ප.ව. 12:44



බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් වසංගතය පැවති සමයේ එරට පැවති නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

ඊට එරෙහිව පරීක්ෂණයක් ද පැවති අතර අදාළ පරීක්ෂණ කමිටුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ බවට ලිපියක් ලැබුණු බවයි බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව එම ලිපිය ගැන තමා පුදුමයට පත්වන බව සඳහන් කරමින් 58 හැවිරිදි වියේ පසුවන බොරිස් ජොන්සන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබෙනවා.