hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 07, ප.ව. 7:41



පටු ළිඳක සිරවුණු 8 හැවිරිදි දරුවෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම දරුවා පැය 16ක් තිස්සේ එම ළිඳෙහි සිරවී සිටින බවයි.

අදාළ ළිඳ අඩි 400ක් පමණ ගැඹුරින් යුතු වන අතර, දරුවා සිරවී සිටින්නේ අඩි 55ක් ගැඹුරු ස්ථානයක බව බලධාරීහු පවසයි.

දරුවා සිරවී සිටින ස්ථානයට ඔක්සිජන් සපයන බව වාර්තා වෙනවා.

දරුවා සෙල්ලම් කරමින් සිටියදී ළිඳට ඇද වැටී තිබෙනවා.