2023 ජූනි 12, ප.ව. 1:05
කොලොම්බියාවේ Caqueta ප්රදේශයේ සිදු වූ ගුවන් යානා අනතුරෙන් දින 40කට පසු අතුරුදහන්ව සිටි ළමුන් 4 දෙනා ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව විදෙස් මාධ්ය වාර්තා පවසනවා
කොලොම්බියාවේ ජනාධිපති Gustavo Petro ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ මෙම සහෝදර සහෝදරියන් බේරා ගැනීම “මුළු රටටම සතුටක්” බවයි.
අතුරුදන්ව සිටි දරුවන් අවුරුදු 13, නවය, හතර සහ අවුරුද්දක යන වයස්වල පසුවන බවයි විදෙස් මාධ්ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඔවුන් ගමන් ගත් සැහැල්ලු ගුවන් යානය මැයි 1 වැනිදා කැලයට කඩා වැටීමෙන් දරුවන්ගේ මව සහ ගුවන් නියමුවන් දෙදෙනා මිය ගියා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55