2022 ජූලි 07, ප.ව. 1:15
පුටින්ගේ හමුදාවට එරෙහිව යුක්රේන සටන් බිමට පැමිණි බ්‍රසීල ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම දුර සිට වෙඩි තැබීමේ ශුරියක වූ 39 හැවිරිදි තලිතෝ දෝ වාලේ පසුගියදා ඇය සිටි කර්කව් නගරයේ බංකරයකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා.
ඇය යුක්රේන හමුදාවට එක් වී තිබෙන්නේ මීට සති තුනකට පෙරයි.
මානුෂීය මෙහෙයුම් වලට එක්වන්නියක ලෙස ප්‍රකටව සිටි තලිතෝ මීට පෙර ඉරාකයේ ISIS සංවිධානයට එරෙහිවද සටන් කර තිබෙනවා.
ISIS සංවිධානයට එරෙහිව කළ සටන් අඩංගු වීඩියෝ ඇය සිය යූ ටියුබ් නාළිකාවෙන් සමාජගත කළ අතර 32000ක පිරිසක් එය නරඹා තිබෙනවා.
නීති ශිෂ්‍යාවක වූ ඇය මෝස්‌තර නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියකද වෙනවා.
තලිතා සතුන් බේරා ගැනීමේ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවකටම සම්බන්ධ වී සිටියා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55